gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඩුප්ලිකේට් සෙව්වන්දිට ලවු කරන්නට ගිහින් රස්සාවත් නැති කරගත් සැරයන්ගේ කතාව…

Nanda Kumar Thakshi and Nandha Kumar Thakshi
නේපාල‍යේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැ‍ගෙන විත් දින 90ක රැඳ­වුම් නියෝග මත කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන නන්ද කුමාර් තක්ෂි නමැති කාන්තාව සමඟ සම්බ­න්ධ­යක් ගොඩ­න­ඟා­ගෙන සිර­මැ­දිරි‍යේ සිටි ඇයට බිස්කට් කව­මින් පෙම් රැඟුම් පෑ පොලිස් සැර­ය­න්ව­ර­යෙකු‍ගේ වැඩ තහ­නම් කර ඇත.

කොළඹ අප­රාධ කොට්ඨා­සයේ සේවයේ නිරත සැර­ය­න්ව­ර­යකු වන මෙම නිල­ධා­රි­යාගේ වැඩ තහ­න­ම්කර ඇත්තේ පෙරේදා (15) සිට ක්‍රියා­ත්මක වන ලෙසිනි.

බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් ඕලු­ගල   ඇතුළු පිරි­සක් නේපා­ල­යට ගොස් එරට පොලි­සිය සමඟ සම්බන්ධ වෙමින් කළ මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස, කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේදී ගණේ­මුල්ල සංජීව නමැති පාතාල‍යේ අප­රා­ධ­ක­රුට වෙඩි තබා ඝාත­න­යට සම්බන්ධ ප්‍රධාන සැක­කා­රිය වන ඉෂාරා සෙව්වන්දි සමඟ අල්ලා‍ගෙන ආ සැක­ක­රු­වන් අතර තක්ෂි නමැති කාන්තාව ද සිටි­යාය.

ඉෂාරා සෙව්වන්දි සහ තක්ෂි යන සැක­කා­රි­යන් රඳවා සිටින්නේ කොළඹ දිසා අප­රාධ කොට්ඨා­ස­යේය. ඔවුන් දෙදෙනා රඳවා ඇත්තේ එකම සිර­මැ­දි­රි­ය­කය. එම සිර­මැ­දි­රිය ඇති ස්ථාන­යට රාජ­කා­රියේ නිරත නොවන නිල­ධා­රීන්ට ගැව­සීම පවා තහ­න­ම් කර තිබී ඇත.

එහෙත් එම තහ­නම නොතකා සැර­ය­න්ව­ර­යෙක් සිර­මැ­දි­රිය අසල අසා­මාන්‍ය ලෙස ගැව­සෙන බවට කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ බල­ධා­රීන්ට දැන­ග­න්නට ලැබි ඇත. ඒ අනුව අංක 03 සිර­මැ­දි­රිය පිහිටි ස්ථානය ආව­ර­ණය වන ලෙස සවි­කර ඇති ආර­ක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරී­මට පිය­වර ගෙන ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ සැක­කාර සැර­ය­න්ව­රයා එම සිර­මැ­දි­රියේ රඳවා සිටින තක්ෂි නමැති සැක­කා­රිය සමඟ සම්බ­න්ධ­ක­මක් ගොඩ­න­ඟා­ගෙන ඇති බවය.

සති දෙකක කාල­යක් තිස්සේ ඔහු ඇය කෙරෙහි වි‍ශේෂ ඇල්මක් දක්ව­මින් කට­යුතු කරන බව ආර­ක්ෂක කැමරා පරී­ක්ෂාවේ දී පෙනී ගොස් ඇත. නොවැ­ම්බර් 30 වැනිදා රාත්‍රී 10.00 සිට පසු­දින අලු­යම 6.00 දක්වා රාත්‍රී උප සේවා රාජ­කා­රියේ නිර­තව සිටි සැර­ය­න්ව­රයා සිර­මැ­දි­රියේ සිටි තක්ෂි නමැති සැක­කා­රි­යට බිස්කට් ලබා දී ඇති බවත් ඇය විසින් අඩක් කා ලබා­දුන් බිස්කට් සැර­ය­න්ව­රයා ආහා­ර­යට ගන්නා ආකා­ර­යත් කැම­රා­වල පැහැ­දි­ලි­වම සට­හන්වී තිබී ඇත.

අවස්ථා කිහි­ප­ය­ක­දීම ඔහු එම සිර­මැ­දි­රිය අස­ලට යන බව මෙන්ම දෙදෙනා හස්ත සංඥා මාර්ග‍යෙන් අද­හස් හුව­මාරු කර ගන්නා අයු­රුත් කැමරා පරී­ක්ෂාවේ දී අනා­ව­ර­ණය වී තිබේ.
ඒ අනුව සැර­ය­න්ව­ර­යාගේ වැඩ තහ­නම් කළ බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ උසස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය. 

(ගයාන් කුමාර වීර­සිංහ – දිනමිණ)

Nanda Kumar Thakshi
Nandha Kumar Thakshi
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka