gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මුජිබර් පසුපස සැක සහිත පිරිසක් පන්නයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සම්බන්ධ බව ප්‍රකාශ කළ පිරිසක් විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සම්බන්ධයෙන් දීර්ඝ විමසීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ගල්කිස්සේ පිහිටි මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ නිවසට පසුගිය සිකුරාදා (12) දින පැමිණි මෙම කණ්ඩායම, මන්ත්‍රීවරයා ගැන තොරතුරු විමසා ඇත. 

මේ පිළිබඳව රහුමාන් මහතා විසින් CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

සහෝදරියගේ නිවසට පැමිණි පිරිස, මන්ත්‍රීවරයා විසින් 'සිම් කාඩ් පතක් නැතිවීම' සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් ගැන සොයා බැලීමට පැමිණි බව මුලින් ප්‍රකාශ කර ඇත. 

එහෙත්, තමන් එවැනි පැමිණිල්ලක් කිසිසේත්ම කර නොමැති බව මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.

ඊට පෙර අවස්ථාවලදීද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත. 

මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අවස්ථාවක, කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායමක් ඔහුගේ බිරිඳගෙන් තොරතුරු විමසා තිබේ. 

තවද, ඊටත් පෙර අවස්ථාවක, CID නිලධාරීන් බව කියාගත් පිරිසක් බිරිඳගේ බොරැල්ලේ පිහිටි මවගේ නිවසටද පැමිණ මන්ත්‍රීවරයා ගැන විමසා ඇත.

මෙම අඛණ්ඩ ක්‍රියාදාමය, තමන්ව අනියම් ලෙස බිය ගැන්වීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් ලෙස තමා සැක කරන බව මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ, "මෙවැනි පහත් ක්‍රියාවලින් තමා බිය ගැන්විය නොහැකි" බවය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka