gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දගෙන් ලොවෙත් නැති වැඩක්!

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ පළමු අවස්ථාවේ දී ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගම බංකොලොත් වී වසර 10කට වැඩි කාලයක් ගත වී තිබුණ ද අති විශාල ණය කන්දක් තවමත් ඉතිරි වී තිබේ.

මේ බව හෙළි වන්නේ නොවැම්බර් 07 වෙනි දින නිකුත් කළ “අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව” මගින් ය. භාණ්ඩාගාරය විසින් බැංකු වෙත නිකුත් කර තිබූ ඇපකර ණය ලේඛනයේ මෙයට අදාළ දත්ත ඇතුලත් කර තිබේ. මිහින් ලංකා සමාගම නමින් ලංකා බැංකුවට ඉදිරිපත් කළ ඇපකර ණය රුපියල් මිලියන 3,162.23ක් සහ මහජන බැංකුවට නිකුත් කළ රුපියල් මිලියන 3,063.15ක් වූ හිඟ ණය කන්දක් පවතින බව හෙළි කර තිබේ.

රජයට අයත් එම වාණිජ බැංකු දෙකට රුපියල් මිලියන 6,225.38ක ණය බරක් ඉතිරි කර තිබේ. අතිශය අත්තනෝමතික ආකාරයෙන් බලය යොදවා මහජන මුදල් අවභාවිතා කළ ව්‍යාපෘති රැසකින් එකක් වශයෙන් මිහින් ලංකා සමාගම පිහිටුවීම සිදු කළ අතර, එම ණය බර තවමත් නිරාකරණය කර ගත හැකි වී නැත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka