gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තාත්තා කොළඹ පදිංචියට ආවා... එයාට නිදහසේ පාඩුවේ ඉන්න ඕනේ – නාමල් රාජපක්ෂ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවතත් කොළඹ මිරිහාන ප්‍රදේශයේ නිවසකට පදිංචියට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත්වන ප්‍රදේශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එලෙස පැමිණ ඇත.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව පසුගිය සැප්තැම්බර් (11) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාමේ නිල නිවසින් ඉවත්ව යළි තංගල්ල කාල්ටන් නිවස වෙත ගියේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ පදිංචියට පැමිණ ඇති බවත්, ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ නිදහසේ සහ සාමකාමීව කාලය ගත කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එතුමා කැමති නිදහසේ පාඩුවේ ඉන්න. ඒ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ,” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka