gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ නගර සභා අයවැය පරාජය සමරා හිරුණිකා පාටි දාලා නැටුවාද..

තමා ඇතුළු පිරිසක් විනෝද වන අයුරු දැක්වෙන, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැහැදිලි කිරීමක් සිදුකරයි.
ඇය පවසන්නේ අදාළ වීඩියෝ පටයේ දැක්වෙන්නේ මෑතකදී සිදුවූවක් නොව, මෙයට මාස කිහිපයකට පෙර එනම් පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැත්වූ සාදයක දර්ශන පෙළක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ උත්සවයකින් අනතුරුව පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙකු එක්ව මෙලෙස සුහදව විනෝද වූ බව ඇය සඳහන් කළාය.

"උත්සවයකින් පස්සේ අපි පක්ෂයේ පිරිසක් එකතු වෙලා විනෝද වුණා. සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල අපි කෑම බීම ගනිමින් මෙවැනි සුහද හමුවීම් පවත්වනවා. 

නමුත් කොළඹ මහා නගර සභාවේ ජාතික ජන බලවේගයේ පසුබෑම සැමරීමට මෙම සාදය පැවැත්වූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද ඒවා බව මම අවධාරණය කරනවා."
-lankacnews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka