gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරුවරුන්ට සිසුන්ට පහසු ඇදුමකට අවසර... මොන බාධා ආවාත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කරනවාමයි

ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් නැවත ආරම්භ කිරීම, සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පරිවේනාධිපති ස්වාමින් වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් (13) දින නුවරඑළිය සිනෙසිටා නගර ශාලවේදී පැවැත්විණ.

දිවයිනේ සියලු පාසැල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කලත් පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පැසල් පැවැත්වීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට අදාළ පළාත් දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍යතුමිය පවසනවා.

අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල් වලට NBRO වාර්තා ලබා ගැනීම අනිවාර්ය බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු අතර,  පාසල් යාම දරුවන්ට බරක් නොවිය යුතු බවත්, ගුරුභවතුන්ට  සහ දරුවන්ට පහසු ඇදුමක් පැළදීමේ අවස්ථාව ඇති බවද මෙහිදී අගමැතිතුමිය මෙහිදී අවධාරණය කලාය.

වාර විභාග, විෂය නිර්දේශ වලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සහ කරන ලෙසත්, ආපදා වලින් ආතතියට පත් ළමුන් එයින් මුදවාගැනීමට නම්‍යශිලිව අවශ්‍ය කටයුතු යොදන ලෙස මෙහිදී අගමැතිතුමිය උපදෙස් ලබා දුන්නාය.

කුමන බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදුකරන බව  මේවන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51% අවසන් බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය .

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පසුව රට පැවති තත්ත්වයට නොව ඊට වඩා ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කැපවීමෙන් වැඩ කලයුතු බව  ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙම විශේෂ සාකච්ඡාව සදහා දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි, අනුෂ්කා තිලකරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන්,   නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය , ඇතුලු රාජ්‍ය නිළධාරින්  සහභාගී වී සිටියහ.

රංජිත් රාජපක්ෂ          
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka