gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ඖෂධ සමාගම පිටුපස දේශපාලන පවුල්… නිලධාරීන් බිලි දී පාලකයන්ට ගැළවෙන්න බෑ…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඔන්ඩැන්සෙට්‍රෝන් නම් ඖෂධයෙහි බැක්ටීරියාවක් අන්තර්ගතව ඇතැයි වාර්තා වන අතර එම ඖෂධ රෝහල් පද්ධතිය තුළ බෙදාහරින තුරු බලධාරීන් කුමක් කළේ ද යන ප්‍රශ්නය මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

අදාළ සමාගම ගෙන ආ තවත් ඖෂධ නවයක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් ඒ පිළිබඳ පැමිණිලි ලැබෙන විට ගත් තීන්දු මොනවාදැයි ප්‍රශ්න කරන වෛද්‍ය චමිල් විජේසිංහ, මෙම සමාගම් සමග දේශපාලනඥයන්ගේ සහෝදරයන්ගේ නම් ගෑවි ඇති බව ද පෙන්වා දෙයි.

ඖෂධ මාෆියාව බූවල්ලෙකු සේ සෑම තැනක අඬුපඬු විහිදා පැතිර ඇති බවත් මේ අවස්ථාවේ ද ඉතිහාසය පුරා අවුරුදු 76ක් සිදු වූ දේ 77 වෙනි අවුරුද්දටත් එලෙසම සිදුවෙමින් ඇති බව ද ඔහු අවධාරණය කරයි.

ඉමියුනොග්ලොබියුලින් නඩුවේදී කැබිනට් මණ්ඩලයම චූදිතයන් වූ බවත් මෙම කටයුතු සඳහා නිලධාරීන් පමණක් වගකිව යුතු යැයි කිසිවෙකුට නිදහස් විය නොහැකි බවත් චමිල් ජයසිංහ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka