gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට මොකද වෙන්නේ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2001 වසරේදී යුද හමුදාවෙන් ඔහුට ලබාදුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ට ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු අමාත්‍යවරයාගේ පිස්තෝල වර්ගයේ ගිනිඅවිය, වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගැනුණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්දා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka