gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෝටි 900කට අධික විශාල වංචාවක් පිළිබඳව පැමිණිලි කළ බෙල්ලනට වැඩ තහනමක්..?

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, රෝහලේ ප්‍රධාන රසායනාගාරවල සිදුවූ බවට කියන අක්‍රමිකතා, දූෂණ සහ වංචාවන් හෙළිදරව් කිරීම හේතුවෙන් තමන් පළිගැනීමකට ලක්වෙමින් සිටින බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

වෛද්‍ය බෙල්ලන මහතා විසින් 2025 ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන රසායනාගාර තුළ සිදුවූවා යයි සැලකෙන අක්‍රමිකතා, දූෂණ හා වංචාවන් පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මෙම පැමිණිල්ල සමගම, ප්‍රතික්‍රියක මිලදී ගැනීම් සම්බන්ධයෙන් කෝටි 900කට අධික විශාල වංචාවක් පිළිබඳව විගණකාධිපති විසින්ද විගණන විමසුමකට ලක් කර ඇති අතර, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.

මෙම සිදුවීමෙන් පසු, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තමන්ට එරෙහිව විවිධ කරුණු ඔස්සේ විනය පරීක්ෂණ පවත්වමින් දැඩි පීඩනයකට ලක්කර ඇති බවට වෛද්‍ය බෙල්ලන මහතා චෝදනා කරයි.

මේ වනවිට තමන්ගෙන් විවිධ කාරණා සම්බන්ධයෙන් විමර්ශන 6ක් පමණ සඳහා ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එම විමර්ශන වංචා හා දූෂණ අක්‍රමිකතාවයන්ට අනුකූලව නොව, තම පරිපාලනමය රාජකාරි පිළිබඳව වන බව ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය ලේකම්වරයා මූල්‍ය වංචාවන්ටත් එහා ගිය විලසින් බරපතල චෝදනා විලසින් විමර්ශන පසුපස හඹා යමින් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.

වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ වසර 10කට පෙර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ, පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රසායනාගාරයේ අක්‍රමික මිලදී ගැනීම්වලට වගකිව යුතු ආකාරයෙන් ක්‍රියා කළ බවත්, තමා එය විගණන පරීක්ෂණයේදී සනාථ කළ බවත්ය.

ඉන් අනතුරුව පත් වූ අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහද (වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - වෛද්‍ය සේවා) ඔහුගේ එම අක්‍රමික ක්‍රියාපිළිවෙළ දිගටම පවත්වා ගෙන ගිය බවට චෝදනා කරයි.

ඔවුන් දෙදෙනා එක්වී පසුගිය මාස කීපය තුළ අසාමාන්‍ය ලෙස තමාගෙන් විනය විරෝධී ක්‍රියාවන් යයි සැලකෙන කරුණු අරඹයා පරීක්ෂණ සිදුකළ බවත්, තමාට එරෙහිව ක්‍රියාත්මක වීමට නිර්දේශයක් සහ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවත්, ඒ තුළින් වැඩ තහනම් කිරිමක් හෝ ස්ථාන මාරුවක් ලබා දීම තුළින් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් තමාට බලපෑම් කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම තම නිල බලයෙන් සිදුවෙන රසායන ප්‍රතික්‍රියක මිලදී ගැනීම තමා විසින් වර්තමානයේ නවත්වා ඇති බැවින් ඒය නැවත ආරම්භ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය බෙල්ලන මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ යම් කිසි විනය පරීක්ෂණ වාර්තාවක් ඇත්නම්, එය සම්පූර්ණයෙන් කියවා බලා ඔප්පු කිරීමට සාධාරණ සාක්ෂි ඇත්නම් පමණක් තමාට එරෙහිව ක්‍රියා කරන ලෙසටය.

තවද, සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගය පක්ෂපාති වී ඇති බවද ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දන්වා සිටී.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka