අල්ලස් කොමිසම විසින් චෝදනා පත්‍ර ඉවත් කරගැනීම හේතුවෙන් ග‍්‍රික බැදුම්කර නඩුවෙන් කබ්රාල් නිදොස් කොට නිදහස් කෙරේ..
ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.
ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුනි.
නමුත් ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසි වලට හා මූල්‍ය වාර්තා රෙගුලාසි වලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේදී අල්ලස් කොමිසම විසින් දෙවන රට රට රටාවටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බව විත්තියේ නීතීඥයන් කරන ලද කරුණු දැක්වීම පිලිගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
-lankacnews
අල්ලස් කොමිසම විසින් චෝදනා පත්‍ර ඉවත් කරගැනීම හේතුවෙන් ග‍්‍රික බැදුම්කර නඩුවෙන් කබ්රාල් නිදොස් කොට නිදහස් කෙරේ..
2025-12-10T12:57:00+05:30
Gossip Lanka Hot News






