gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දරුවා මගේ නෙවෙයි.. DNA කරන්න බෑ..- චාමික ඇප මත නිදහස්..

හිටපු ගුවන් නියමුවරියක බව කියන තැනැත්තියක සිය දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන බවට කළ පැමිණිල්ලට අදාළව පැවති නඩු කැඳවීමකදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

හිටපු ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

පැමිණිලිකාරිය චෝදනා කරන්නේ, වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවත් ය.

එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා ය.

ඒ අනුව, දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෞද්ගලික පැමිණිල්ල අද (දෙසැ: 08) කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා ය.

එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

අභියාචනාධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කර සිටියා ය.

එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව තරයේ විරෝධය පළ කළේ ය.

නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බව ය.

අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව කී චාමික කරුණාරත්නගේ නීතිඥවරයා, ඒ බව තහවුරු කෙරෙන ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.

සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නීතිඥවරයා පැවසීය.

පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවත් නීතිඥ අසේල රැකව වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කළේ ය.

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස නියෝග කෙරිණි.

- BBC

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka