gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජපානයට සුනාමි තත්වයක්

ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමි කම්පාවක් හට ගැනීමත් සමග හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40 ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

භූමි කම්පාව ඊයේ(08) එරට වේලාවෙන් රාත්‍රී 11.15 ට පමණ හටගෙන තිබූ අතර ඒ සමග එරට කාලගුණ විද්‍යා ඒජන්සිය කඩිනමින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ පළාත් සඳහා මෙම සුනාමි අනතුරු ඇඟවීම කාලගුණ විද්‍යා ඒජන්සිය නිකුත් තිබූ අතර අඩි 10 ක් දක්වා සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබිණි.

අමෝරි වෙරළට කිලෝ මීටර 80 ක් දුරින් මෙම භූමි කම්පාව හටගෙන ඇත. භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ජපාන වැසියන් දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබූ අතර අමෝරි පළාතේ හෝටලයක සිටි කීපදෙනෙක්ද ඉන් තුවාල ලබා ඇත.

භූමි කම්පාව හටගැනීමත් සමග ඊට මුහුණ දීම සඳහා අදියර තුනකින් යුත් ප්‍රතිචාරයක් ජපාන අගමැතිවරයා ප්‍රකාශයට පත් කළ අතර හදිසි කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබිණි. එසේම භූමි කම්පාව බලපෑ ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශයන්ගෙන් පිටවන ලෙස ජපාන රජය උපදෙස් ලබා දී තිබුණේය.

(විමුක්ති එස් රුද්‍රිගු)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka