gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා ප‍්‍රබල දේශපාලක දියණියක් ඇතුළු පිරිසක් අයිස්, හෙරෙයින්, ගංජා සමග අත්අඩංගුවට..

ජාතික ජන බලවේගය බලය දරන මහනුවර නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සමාජ ජාල වල වාර්තා පළවෙයි. මහනුවර ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරන ලද ෆේස්බුක් සාදයක් දෙයක් වැටලීමේදීය විසි හය හැවිදි මෙම තරුණය සමග ඇයගේ පෙම්වතා ඇතුළු තවත් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.

අයිස් හෙරොයින් ගංජා හෑෂ් සහ සිගරට් ඇතුළු මත්ද‍්‍රව්‍යද සමග මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අදාල වැටලීම ගැන පොලිසිය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මල්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමඟ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 21 ත් 26 ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සැකකරුවන් හා සැකකාරියන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka