gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහනුවර දිසාපති පුටුවේ ලැග්ග මන්ත්‍රීට සතර අතින් ප්‍රහාර…. හිටපු දිසාපතිවරයෙක් හිටපු ඇමතිලගේ කෙරුවාවත් කියයි…!

ආපදාවෙන් අසරණ වූ ජනතාවට සහන ලබාදීමේ කටයුතු පිළිබඳව විමසීම සඳහා පසුගියදා (02) මහනුවර දිසාපති කාර්යාලයේ මහනුවර දිසාපති සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාක දී දිසාපති නිල අසුනේ ආණ්ඩු පක්ෂ ආධුනික මන්ත්‍රීවරයෙකු අසුන් ගැනීම මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

මෙම සාකච්ඡාවේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා දිසාපති පුටුවේ ද දිසාපතිවරයා පැත්තක වූ පුටුවකට වී සිටිනු දැකගත හැකිය.

ඊයේ (3) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඊට දැඩි ලෙස සිය විරෝධය පළ කළ අතර රාජ්‍ය නිලධාරීන්ට නිසි ගෞරවය ඇතිව රාජකාරි කිරීමට ඉඩ ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ආපදා තත්ත්වයකදී මෙවැනි ක්‍රියා සිදු කිරීමෙන් රාජ්‍ය පරිපාලනයට හා රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවයට හානිකර බව ද හෙතෙම කියා සිටියේය.

මෙම ක්‍රියාවට සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතින අතර, බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එය රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීමේ උත්සාහයක් මෙන්ම රාජකාරිය නිදහසේ සිදුකිරීමට බාධාවක් බවයි.

මේ අතර රත්නපුර හිටපු දිසාපති සුනිල් කන්නංගර ෆේස්බුක් සටහනක් තබමින් පෙන්වා දෙන්නේ දිසාපතිවරුන්ගේ ප්‍රධානියා වන රාජ්‍ය පරිපාලන ඇමති පවා කිසිදු අවස්ථාවක සිය නිල අසුනෙහි මෙලෙස අසුන් ගෙන නොමැති බවයි.

“මම රත්නපුරේ දිසාපතිධුරය දරද්දි ස්වදේශ කටයුතු ඇමති ජෝන් සෙනවිරත්න මැතිතුමා .ස්වදේශ කටයුතු ඇමති කියන්නෙ දිසාපතිවරුන්ගෙ ඇමතිවරයා. මගෙ නිල කාමරේට ඇවිල්ල මගෙ ඉස්සරහ පුටුවෙ වාඩිවෙල කතා කරනවා. කවමදාවත් එතුම මගෙ පුටුවෙ වාඩි වුණේ නෑ. කිසි දවසක කච්චේරි සංකීර්ණේම තිබුණු ඇමතිතුමාගෙ කාර්‍යලෙට මාව කැඳවල නෑ. මා එක්ක කත කරන්න මොන්ව හරි තිබුනොත් මගෙ නිල කාමරේට ඇවිත් මගෙ ඉස්සරහ පුටුවෙ හරි සෙටි එකේ හරි වාඩිවෙල තමයි කතා කළේ. අන්න එහෙමයි වැදගත් උගත් මිනිස්සු. මම කිසි දවසක ප්‍රාලේ කාර්‍ය්ලෙකට ගිහින් ප්‍රාලේ කෙනෙක්ගෙ පුටුවෙ වාඩිවෙල නෑ. ග්‍රානි කාර්‍යාලෙක ග්‍රානි පුටුවෙ වාඩිවෙල නෑ. ඒ තැන්වලදි අමුත්තන්ගෙ පුටුවලයි වාඩිවෙන්නෙ.”

කෙසේ වුව ද මාධ්‍යවේදී භාරත ප්‍රභාෂණ තෙන්නකොන් පෙන්වා දෙන්නේ ජනරජයේ නිල පොටෝකෝලයට අනුව උත්සව අවස්ථාවල දී අසුන් පැනවීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 14 වැනි ස්ථානය ද දිසාපතිවරුන්ට 27 වැනි ස්ථානය ද හිමි වන හෙයින් මෙම ක්‍රියාව නිවැරදි බවයි. තවත් පිරිසක් පෙන්වා දෙන්නේ මෙය දිසාපතිගේ නිල ආසනය නොව දිසාපති කාර්යාලයේ පැවති හමුවක් හෙයින් මන්ත්‍රීවරයා එහි මුලසුන දැරීමෙහි වරදක් නැති බවයි.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka