gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වතුරට පෙඟුණු වටිනා රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ කඩිනමින් ඕනෑ

ගංවතුරට හානි  වූ රාජ්‍ය ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව අධිශීතකරණ පහසුකම් සඳහා හදිසි මහජන ආයාචනයක් කර ඇති අතර,  දිලීර වර්ධනය වීම  නැවැත්වීමට වහාම පියවර නොගතහොත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි ලේඛන ස්ථිර විනාශයකට මුහුණ දෙන බවට අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ පැවසුවේ මහජන වාර්තා ඝන මීටර් සිය ගණනක් ගංවතුරට තෙමී ඇති බවයි. “දිලීර හැදී මෙම ලේඛන  ස්ථිරවම විනාශ වීමට පෙර අපට කාලයක් නැත. ” ඇය අවවාද කළාය.

තෙත් ලේඛන ආරක්ෂා කිරීම සඳහා අධිශීතකරණ ගත කිරීම   තීරණාත්මක පළමු ප්‍රතිචාර ක්‍රමයක් බව ආචාර්ය රූපසිංහ පැහැදිලි කළේය. “ජලයෙන් හානි වූ ලේඛන අධි ශීතගත  කිරීම දිලීර  වර්ධනය නවත්වන අතර නිසි සංරක්ෂණ ප්‍රතිකාරයක් ායොදන තෙක් ද්‍රව්‍ය ස්ථාවර කරනවා. මෙවැනි අධි ශීත පහසුකම් නැතිව  අපට වැදගත් වාර්තා, ඉඩම් ලේඛනාගාර, අධිකරණ ලේඛන, ඓතිහාසික වාර්තා සහ මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සාක්ෂි අහිමි වේවි ඒ නිසා එය අත්‍යවශ්‍ය කාරණයක් .”

මේ තත්තවය මත රට පුරා ගංවතුරට සිය ලේඛන වාර්තා හසු වූ රාජ්‍ය ආයතනවලට ඉතා ඉක්මනින් ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථාවර සහ ජංගම අධිශීතකරණ අවශයයි.  හදිසියේ අවශ්‍ය බව ඇය සඳහන් කළාය. “

මෙය දැනටමත් දුෂ්කර කාලයක අසාමාන්‍ය ඉල්ලීමක් බව අපට වැටහෙනවා. දැනට යම් අයකු සතුව එවැනි අදි ශීත පහසුකම් පවතින්නේ නම් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා වූ කාලයක් සඳහා ලබා දෙන ලෙස අප ආයාචනය කරනවා“ යයිද ද ඇය පැවසුවාය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka