ටියුෂන් සිසු දෙපිරිසක් මරාගනී.. පිහි ඇනුමකින් රෝහලේ...
මහරගම, නාවින්න ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ආසන්නයේදී බාල වයස්කාර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසු පිහියකින් කෙටීම නිසා දාසය හැවිරිදි සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මහරගම පොලිසිය සඳහන් කරයි.
මෙම සිසුන් දෙදෙනාට පිහියකින් කපා තුවාල සිදුකළ සිසුන් අත් අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
නාවින්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී මෙම සිසුන් දෙදෙනා සහ සිසුන් කිහිප දෙනෙකු අතර කිසියම් කරුණක් මුල්කරගෙන බහින් බස්වීමක් සිදුවී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි මහරගම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
එම ඛනින් බස්වීම දුරදිග යාමෙන් පසු පිහි ඇනුවක් සිදු වී තිබෙන බවද පොලිසිය කියයි.
තුවාල ලබා රෝහල් කර ඇත්තේ නුගේගොඩ සහ මීගොඩ දම්පේ ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකි.
මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරිහු මෙම සිද්ධියට අදාළව වැඩිදුරටත් පරික්ෂණ පවත්වති.
ටියුෂන් සිසු දෙපිරිසක් මරාගනී.. පිහි ඇනුමකින් රෝහලේ...
2025-12-08T14:01:00+05:30
Gossip Lanka Hot News






