gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රහස් ඡන්ද තියරිය වැඩ නොකරයි.. කොළඹ නගර සභා අයවැය පරදී.. හැඬුම්බරව අහිමි වීමේ දුක කියන බල්තසාර් (Video)

අයවැයට ඡන්ද ගන්න කලින්දා රැ විපක්‍ෂයට බුරියානි දීලා..
ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළඹ මහ නගර සභාවේ ඉදිරි වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්ව තිබේ. අද දින පැවැති සභා වාරයේදී අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී පාලක පක්ෂයට දැඩි පසුබෑමකට ලක් වීමට සිදු විය.

අයවැය යෝජනාවලියට යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 57ක් හා යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද 60ක් ලැබින.

මෙම පරාජයත් සමඟ සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආරම්භයේ සිටම සංකීර්ණ මුහුණුවරක් ගත්තේය. 

මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119ක් වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ස්ථාවර බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය.

මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පාර්ශවයකට 60 සීමාව (බහුතරය) ඉක්මවා යාමට නොහැකි වූ බැවින්, ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සියලු පාර්ශවයන්ට සිදු විය. ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබුවේද අනෙකුත් පාර්ශව කිහිපයක සහාය මතය.

බලය ලබා ගැනීමේ අරගලයේදී පක්ෂ කිහිපයක් එක්ව සභාග පාලනයක් පිළිබඳ සාකච්ඡා කළද, නගරාධිපති ධුරය සහ තනතුරු බෙදාගැනීමේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා දිගින් දිගටම අර්බුද පැනනැගුණි. 

වත්මන් අයවැය පරාජය වීමටද ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලක පක්ෂයට සහාය දුන් ඇතැම් කණ්ඩායම් සහ විපක්ෂය එක්ව අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි.


‘ජනාධිපතිතුමනි.. රෑට රෑට එන්න කියලා බුරියානි කන්න දීලා කොළඹ නගර සභාව පාලනය කරන්න බෑ! ආණ්ඩුවට ඡන්දය දුන්නු විපක්ෂයේ දෙන්නාටත් අපි කල් තියා මේ ප්‍රතිපලය කිව්වා! - මුජිබර් රහුමාන්

කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. බුරියානි දෙමින් නගර සභාවක් පාලනය කළ නොහැකි බව අද ඔප්පු වී ඇති බවද පැවසූ ඔහු රහස් චන්ද පවත්වමින් ජාතික ජන බලවේගය කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකි වූ බවද පැවසුවේය.

කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අයවැයට පෙරදා රාත්‍රියේ බුරියානි දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට කළ උත්සාහයක් ගැන ද මන්ත්‍රීවරයා ඒ දී කරුණු පැවසුවේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka