gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගමේ කඩේ සුනඛ ඝාතකයාට ඇප; හිමිකාර යුවල අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසිය පස්ස ගහයි

දැඩි වර්ෂාව පැවැති දිනක රත්නපුර පාතුල්පාන ‘ගමේකඩේ’ හෝටලය අසලදී, කුසගින්නට ආහාර සොයා ආ  සුනඛයෙකුට පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුට දැඩි කොන්දේසිමත ඇප ලබාදීට පසුගිය 08 වැනිදා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම ඝාතනය සිදු කල බවට සැකපිට අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 01 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අදාළ ප්‍රධාන සැකකරු රුපියල් ලක්ෂ දෙකක (2,00,000/-) ශරීර ඇපකර දෙකක් හා රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝගක කළේය.

සැකකරුට සෑම ඉරිදා දිනකම පොලිසියට වාර්තා කරණ ලෙසට ද අධිකරණයෙන් නියෝග කර ඇත.

මේ සත්වයා ඝාතනය කිරීමට උපදෙස් දුන් හෝටල් හිමිකරුව මෙතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර නැති බවද, ඒ සදහා ඇති නීතිමය අවකාශ පිලිබදව Justice for Animals & Nature -JAN වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයේ දීර්ඝ ලෙස කරුණු දැක්වීය.

ඒ සදහා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඉදිරි පියවර ගෙන මෝෂමක් මගින් අධිකරණයට වාර්තා කරන ලෙසද, එතෙක් විමර්ශන අවසන් නොකරන ලෙසද අධිකරණය දැනුම් දෙමින් නඩුව 2026/6/1 වන දින නැවත කැදවීමට නියෝග මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුවේ චූදිතයා වෙනුවෙන් නීතිඥවරුන් හත් දෙනෙකු (07) පෙනී සිටීම විශේෂිතය.

අගතියට පත් පාර්ශවය සහ JAN වෙනුවෙන් නීතීඥ තනුජා ජයරත්න මහත්මිය හා Animal Welfare Coalition – AWC වෙනුවෙන් නීතීඥ ගමගේ ගුණසිංහ මහතා පෙනී සිටියේහ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka