gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනාත්මක එන්නතකින් පසු තවත් රෝහලක මරණයක්...

තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව  තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.

අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින. 

ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි. 

එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය. 

මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.
-lankacnews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka