gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුණාටුවෙන් පසු මරණය සමග පොරබදන මිනිස්සුන්ගේ නෑසෙන කතා… මේ දියණියගේ ජීවිතය ඔබ අතේ…

දිට්වා සුළි කුණාටුවම ඛේදවාචකයකි. එහි ව්‍යසනයේ ප්‍රමාණය තවම අප දන්නේ නැත. දහසකට ආසන්න පිරිසක් ව්‍යසනයේ දී පස් කඳු යට අවසන් ගමන් ගියහ. තවත් සමහරු දිවි තුරා එක් කළ සියලු වත්කම් අහිමිව ඇඳි වතට පමණක් සීමාවූහ. ඒ අතර තවත් මිනිස්සු පිරිසක් මේ සුළි කුණාටුවේ වේදනාත්මක අනිටු ඵල විඳිමින් තවමත් මැරි මැරී ජීවත් වෙති.

මේ එවන් දියණියක ගැන ඇසෙන කතාවකි. ඇය චතුමි ශෙහාරාය.  පොළොන්නරුව දෙවන පියවර, දිඹුලාගල ගම්මානයේ ජීවත් වුන ඇය දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. චතුමිට ඉන්නේ අම්මා පමණි.  දෙගොඩ තලා යන ගංවතුරෙන් අවතැන් වූ මේ මවත් දුවත් දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ සුරක්ෂිත මධ්‍යස්ථානයට ඇතුළත් වී දින කිහිපයක් එහි ගත කළාය.

එහිදී චතුමිගේ පාදයේ තුවාල කීපයක් මතුවිනි. ඇය මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය රෝහලටත්, අනතුරුව අනුරාධපුර මහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කළාය. දෙසැම්බර් 02 සිට ඇය ඉන්නේ අනුරාධපුර මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය බරපතල විෂබීජ ආසාදනයකින් මේ වනවිට ජීවිතය සමග පොරබදමින් ඉන්නීය.

මේ වනවිට ඇයට කෙරෙන ප්‍රතිකාර වෙනුවෙන් අවශ්‍ය ඖෂධ පිටතින් ද මිලදී ගත යුතු මට්ටමක ඇත. මිල අධික ප්‍රතිජීවක ඖෂද ඇතුළත් ඇයගේ බෙහෙත් වට්ටෝරුවේ    දෛනික පිරිවැය බොහෝ විට රුපියල් 6000 ඉක්මවන්නේය.

මේ සිඟිත්තිය මේ වනවිට ජීවිත අවදානමකය. ඇයගේ හුස්ම පොද බොහෝ විට ලතෙත් මනුෂ්‍යයින්ගේ සිතිවිල්ලක් මත රැඳෙනු ඇත. ව්‍යසනයකින් අනතුරුව මිනිසුන් ටික ටික මරා දමන මෙවැනි ඛේදවාචකයන් මහා ව්‍යසනයේ බිහිසුණුකම අතර නොවැදගත් වී සැඟව යන්නේය.

එහෙත් මේ පණ ගැහෙන්නේත් ජීවිතය. මේ දරු කැකුළ රැක ගැනීමට ඉදිරිපත්විය හැකි ආදරණීය මනුෂ්‍යයන් වේ නම් ඔවුන්ට ඇරයුම් කරමු. චතුමි දියණිය කිසිවෙකුගේ හවු හරණක් නොලැබීමට තරම් අවාසනාවන්ත වනු ඇතැයි අපට හිතෙන්නේ නැත. 

ආධාර කරනු කැමැත්තන් වෙත්නම් 0768418315 අංකයෙන්( සංජීව දිසානායක – දියණියගේ මාමා) ඇමතිය හැකිය.

- මනම්පිටිය නිමල් ජයරත්න
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka