gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇවෙන්රා ගාඩ්න්ස් හෝටලයෙන් ආහාර විශවීමේ සිද්ධි 2ක්! - කටාන MOH එකටත් චෝදනා!

මීගමුවේ ප්‍රකට හෝටලයක් වන ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ ගෙවුණු සතියේදී  ආහාර විශවීමේ සිද්ධි 2ක් වාර්තා වී ඇති බව “මීපුර” වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මින් එක් සිදුවීමක් සිදුව ඇත්තේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදාය.

එදින මීගමුව ප්‍රදේශයේ පිරිසක් එදින එම හෝටලයේ තිබූ සාධයකට සහභාගිවී ඇති අතර එසේ සහභාගිවූ කිහිපදෙනෙකුට එදිනම රාත්‍රියෙදි සහ පසුදින උදැසන වමනය යෑමේ රෝග ලක්ෂණ හේතුවෙන් පීඩා විඳ තිබේ.

එසේ රෝගී වූ කිහිපදෙනෙකු නවලෝක පෞද්ගලික රෝහලෙන් ආහාර විෂවිමේ තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද පැවසේ.

අනෙක් සිදුවීම සිදුව ඇත්තේ ඉකුත් දෙසැම්බර් 07 වැනිදාය. 

ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හි පැවැති සාධයකට සහභාගිවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබේ.

ආහාර විෂවිම් තත්වය මත මේ අයගෙන් සිවුදෙනෙකු කිරිබත්ගොඩ රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ රෝහල විසින් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) ද දැනුවත් කළ කර ඇති බව වාර්තා වේ.




සිද්ධිය සම්බන්ධයෙන් පලකර තිබූ ෆේස්බුක් සටහන්..
කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් කටාන MOH කාර්යාලය ගත් පියවර සම්බන්ධයෙන් සැක මතුව ඇති බවද පැවසේ.

මේ අතර, “මීපුර” වෙබ් අඩවිය වැඩිදුරටත් දක්වා ඇත්තේ ඇවේන්රා කුස්සියේ ප්‍රමිතිය පිලිබදව ගැටලු රැසක් ඇති බවයි.

එම හෝටලයේ අප ජලය මුදාහැරෙන්නේ පොදු කානුවක් ⁣තුලට බවත්, එහි වෙළද බලපත්‍රය පවා නිසි පරිදි  යාවත්කාලින කර ඇති ද යන්න පිළිබඳව සැක ඇති බවත් එහි දැක්වේ.

මීට දෙවසරකට පෙර අප ඇවෙන්රා ගාඩ්න්ස් හි කුජීත කුස්සිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති කිහිපයක් පළ කළේය.

ඇවෙන්රා හෝටල් (Avenra Hotels) හි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ  දනේෂ් ද සිල්වා මහතාය.
















ශ්‍රී ලංකා මිරර්
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka