gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“දිට්වා” කුණාටුව මාර්ග පද්ධතියට කළ හානියේ ප්‍රමාණය රුපියල් බිලියන 190යි… තවත් මාර්ග 120ක් අවහිරයි… RDA සභාපතිවරයා කියයි! (Video)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සිදුවූ හානිය රුපියල් බිලියන 190ක් බවට තක්සේරු කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධර්මලිංගම් පාස්කරන් පැවසුවේය. විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා පැහැදිලි කළේ  මාර්ග සංවර්ධන අධිකාරිය යටතට ගැනෙන මහා මාර්ගවලින් 256ක් දක්වා දිට්වා සුළි කුණාටුවත් සමග අවහිර වූ නමුත් මේ වනවිට ඉන් මාර්ග 136ක අවහිරතා ඉවත් කර ඇති බවය.තවත් මාර්ග 120ක අවහිරවීම් ඉවත් කිරීමට ඇති නමුත්කො ළඹ සිට සෑම ප්‍රධාන නගරයකටම ප්‍රවේශ මාර්ග මේ වනවිට විවෘත බව සභාපති ධර්මලිංගම් පාස්කරන් කීවේය.

ගල් පෙරළීම් සහ නායෙ යෑම්, පාලම් බිඳවැටීම්, ගංවතුර සහ ගස් කඩාවැටීම් නිසා මාර්ග අවහිරතා ඇති වූ බව කී සභාපතිවරයා පාළම් 20ක් පමණ විනාශ වූ නමුත් මේ වනවිට තාවකාලික පාළම් හරහා ගමනා ගමන සම්බන්ධතාව ලබා දී ඇති බව පැහැදිලි කළේය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka