ශිරන්තිගේ පින්තූරේ රාමුකරන්නත් ආණ්ඩුවේ මුදල්.. පිරිකර ගන්නත් ආණ්ඩුවේ මුදල් වැය කරලා..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ චීන සංචාරයේ ඡායාරූපයක් රාමු කිරීමට ආණ්ඩුවේ මුදල් රුපියල් 9000ක් වියදම් කර ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඡායාරූපයටවත් තමන්ගේ මුදල් වැය කිරීමට බැරි වුණු කාලයක් බවද ඔහු සඳහන් කළේය.
ස්වාමීන්වහන්සේ නමකට පිරිකර ගන්නත් ආණ්ඩුවේ මුදල් වැය කර තිබූ බවත් එදා පාලකයන් පින් කරගෙන ඇත්තේද ආණ්ඩුවේ මුදලින් බවත් අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිසුරුවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
shiranthi rajapaksa old photos
ශිරන්තිගේ පින්තූරේ රාමුකරන්නත් ආණ්ඩුවේ මුදල්.. පිරිකර ගන්නත් ආණ්ඩුවේ මුදල් වැය කරලා..
2025-11-16T08:52:00+05:30
Gossip Lanka Hot News





