gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇමති සුනිල් – සුගත් ගැටුම ඔඩුදුවයි; සුගත් ඉල්ලා අස්වන ලකුණු!

රජයේ ඇතැම් අමාත්‍යවරුන් හා ඔවුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර එකට වැඩ කිරීමේ ගැටළු පවතින අතර ඉන් කැපී පෙනෙන නොගැලපීම ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ බව වාර්තා වේ. ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධූරය දරණ ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු පදක්කම් ලාභී සුගත් තිලකරත්නව තමන් සහභාගි වන හා සංවිධානය කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ කර නොගැනීමේ කුරිරු හා කුහක ප්‍රතිපත්තියක් සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා ඇමතිවරයා විසින් අනුගමනය කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියෙක් ශ්‍රී ලංකා මිරර් වෙත පැවසීය. 

කිසිදු ක්‍රීඩා සංගම් නිලධාරියකුට ක්‍රීඩා ඇමතිවරයා හමු වීම අපහසු කටයුත්තක් වී ඇති අතර ක්‍රීඩා අමතිවරයාගේ පුද්ගලික ලේකම් හා මාධ්‍ය ලේකම් ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිටත් වඩා ඉහළින් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී සුගත් තිලකරත්න තම නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීමට ඉඩ තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka