gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන රජයෙන් යහපත් ප්‍රතිචාර!

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කඩිනමින් ජනගත කිරීමට කටයුතු කරන බවට රජය පොරොන්දු වු බව සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කළ බවත් එහිදී එකගතාවයන් රැසකට එළඹි බවද සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ,

“ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව ජනාධිපතිතුමා CIDයට සම්පුර්ණ අවසන් වාර්තාව ලබාදීලා තියෙනවා. එතකොට CIDය අවසාන වාර්තාව අධ්‍යයනය ආරම්භ කරලා තියෙනවා. සෑහෙන දුරට නිමා කරලත් තියෙනවා.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පුර්ණ අවසාන වාර්තාව ජනගත කරන්න කියන එක, එහිදී ජනාධිපතිවරයා සහ රජය පැත්තෙන් බොහොම යහපත් ප්‍රතිචාරයක් තිබුණා. ඉතාමත්ම කඩිනමින් කොමිෂන් සභා වාර්තාව, අවසන් වාර්තාව ජනගත කරන්න කටයුතු කරනවා කියලා.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka