“චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා...එයා කියනවා බබාට එයාගේ නම දෙන්න බෑ කියලා” – තරුණ මවකගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බවත්, ඔහු ඒ සම්බන්ධයෙන් වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවත් පවසමින් කාන්තාවක් නඩුවක් ගොනුකර ඇතැයි වාර්තා වේ.
ඊයේ දින අධිකරණයේදී නඩු වාරයට පෙනීසිටීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ, චාමික කරුණාරත්න අසනීප තත්ත්වයක් බව පවසමින් අධිකරණය මගහැර ඇති බවයි.
“චාමික කරුණාරත්න මේ දරුවාගේ පියා. ඔහු වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති නිසා, මට පීතෘත්ව පරීක්ෂණයක් ඉල්ලා අධිකරණයට පැමිණීමට සිදු වී තිබෙනවා. අනාගත අධිකරණ නඩු විභාගවලටවත් ඔහු පෙනීසිටීදැයි මට විශ්වාස නැහැ. මම ගැබ්ගෙන සිටියදී ඔහු නිසා කාන්තා හා ළමා කාර්යාංශයේ මගේ කාලය නාස්ති වුණා. දැන් දරුවාට මාස දෙකක්. මේ දරුවාට ශ්‍රී ලංකාවේ ජීවත් වීමට අවශ්‍යයි. මම දන්නවා ඔහු පියා කියලා. මට අවශ්‍ය වන්නේ ඔහු තම යුතුකම් ඉටුකිරීම පමණයි, ” අදාළ කාන්තාව අධිකරණය ඉදිරියේ ජනමාධ්‍ය අමතමින් පැවසුවාය.
“චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා...එයා කියනවා බබාට එයාගේ නම දෙන්න බෑ කියලා” – තරුණ මවකගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා (VIDEO)
2025-11-22T10:10:00+05:30
Gossip Lanka Hot News





