පොලිස් වාර්තා ගන්න ග්‍රාම නිලධාරී සහතිකයත් මදිලු; මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඉල්ලයි
පොලිස් වාර්තා ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකයට අමතරව අදාළ ග්‍රාම නිලධාරි වසමේ සිවිල් ආරක්ෂක කමිටු (මහජන ආරක්ෂණ කමිටුව) සභාපතිවරයාගෙන් චරිත සහතිකයක් ලබාගත යුතු බවට පොලිසිය විසින් දැනුම්දී ඇතැයි ග්‍රාම නිලධාරීහු පවසති.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම සිවිල් ආරක්ෂක කමිටු අලුතින් පිහිටුවන ලද අතර ඒ සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුද සහභාගි වූහ.
ඒ අනුව පොලිස් වාර්තා ලබාගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබාගන්නා ලෙස ග්‍රාම නිලධාරින් විසින් සිය ප්‍රදේශයේ මහජනතාව මේ වනවිට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මූලාශ්‍රය – අරුණ
mahajana arakshaka kamituwa
පොලිස් වාර්තා ගන්න ග්‍රාම නිලධාරී සහතිකයත් මදිලු; මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඉල්ලයි
2025-11-19T12:40:00+05:30
Gossip Lanka Hot News





