ගොවීන්ට සාධාරණයක් නොවී අපි ඇමතිකම් කර වැඩක් නෑ - ලාල්කාන්ත
ගොවි ජනතාවට ඓතිහාසිකව සිදුව ඇති අසාධාරණය විසදන්නේ නැත්නම් මේ ඇමතිකම් වලින් වැඩක් නෑ යයි කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක, වසන්ත සමරසිංහ, සුසිල් රණසිංහ හා තමන් අනුරාධපුරයේ කැත්ත දෑකත උදැල්ල අතපත ගෑ මිනිසුන් බවද ඔහු සඳහන් කළේය.
එනිසා ගොවි ජනතාවට සාධාරණය ඉටු කළ යුතු බවත් එම කටයුත්ත කන්නයක් දෙකක් යනකොට සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ වාරි මහිමය අපේ උරුමය වැඩසටහනකට එක්වෙමිනි.
ගොවීන්ට සාධාරණයක් නොවී අපි ඇමතිකම් කර වැඩක් නෑ - ලාල්කාන්ත
2025-11-22T12:02:00+05:30
Gossip Lanka Hot News





