‘කෙහෙළියට එරෙහි නඩුවේදී පැමිණිල්ලෙන් අධිකරණයට ප්‍රමාණවත් සහයක් නෑ’- විනිසුරු මඩුල්ල
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිලි පාර්ශ්වයෙන් තම අධිකරණයට ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල සිය අධිකරණයේ එකී නිරීක්ෂණය සටහන් කොට තබන ලෙසට ද නියෝග කළේ ය.
සිය අධිකරණය විසින් පෙර නඩු දිනයේදී විත්තියට ලබාදී ඇති ලේඛන හා තවදුරට ත් ලබා දීමට ඇති ලේඛන පිළිබඳව අධිචෝදනා පත්‍රයට සමගාමී අයුරින් සකස් කළ ලඝුවක් ආකාරයෙන් ලේඛන ගතකොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පැමිණිල්ලට නියෝග කළ නමුත් ඒ අනුව කටයුතු නොකිරීම මගින් පැමිණිල්ලේ නිසි සහාය ලැබී නොමැති බව පෙනී යන්නේ යැයිද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ ය.
‘කෙහෙළියට එරෙහි නඩුවේදී පැමිණිල්ලෙන් අධිකරණයට ප්‍රමාණවත් සහයක් නෑ’- විනිසුරු මඩුල්ල
2025-11-27T14:16:00+05:30
Gossip Lanka Hot News






