“බ්ලැකී” හිතාමතා වාහනයට යට කර මැරූ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට
පන්නිපිටිය, අඹගස්දූව ප්‍රදේශයේදී වීදි සුනඛයෙකු හිතාමතාම මෝටර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් දෙසැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
පසුගිය 14 වැනිදා සිදු වූ මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී, අදාළ කාන්තාව හිතාමතාම එම සුනඛයා වාහනයට යට කරන ආකාරය නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන්ගේ ආදරය දිනාගෙන සිටි “බ්ලැකී” නමින් හඳුන්වන මෙම සුනඛ ධේනුවගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව කරුණු විමර්ශනය කර අධිකරණයට වාර්තා කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
“බ්ලැකී” හිතාමතා වාහනයට යට කර මැරූ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට
2025-11-27T00:01:00+05:30
Lanka Hot News






