gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට නාමල් එක්ක තියෙන ගිවිසුම රටට හෙළි කරනු…! – ඥානසාර හිමි…

තිරිකුණාමලය බෝධිරාජ විහාරයේ ගැටුමක් ඇති කිරීමට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රට සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ට පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කෙතරම් මුදලක් ලබා දුන්නේ දැයි ප්‍රශ්න කළ යුතු බව ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

“අනිවාර්යෙන් අරුණ් හේමචන්ද්‍රයි ශානක්කියන් රාසමානික්කම් ගෙන්නලා අහන්න නාමල් කීයක් දුන්න ද කියලා, මේ වැඩේ පත්තු කරන්න. නියම ආණ්ඩුව මේක. ඒක මරු වැඩක්. ඒ වගේම ආණ්ඩුව රටට හෙළි කරන්න ඕන නාමල් එක්ක තියෙන ගිවිසුම මොකක්ද කියලා.

පොලිසිය මෙතනට එවලා, වැඩ කඩලා පිළිමේ අරගෙන. හාමුදුරුවෝ දෙන්නෙකුට පහර දීලා නාමල්ට සෙනග ගේන්නද මේක කළේ. අල්ලස් කොමිසම මේ ගැන විමර්ශනයක් කරන්න ඕන. ඒ වගේම හාමුදුුරුවන්ට පහර දුන් නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් නඩු දාන්න ඕන.”

ඥානසාරි හිමි තිරිකුණාමලය බෝධිරාජ විහාරයට ඊයේ (18) පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම 21 වෙනිදා නාමල් රාජපක්ෂගේ ජනරැලියට සෙනග ගෙන ඒමට සිදුකළ ක්‍රියාවක් දැයි මාධ්‍ය විමසූ අවස්ථාවේ එහිමියන් මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka