gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හමුදා ලොක්කෙකුගේ බිරිද නිවසේදී දිවි නසාගනී...

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අයත් නිල නිවාසයකදී මේජර් ජෙනරාල්වරයකුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇත. 
අදාළ මේජර් ජෙනරාල්වරයාගේ දෙවන බිරිඳ වන 47 හැවිරිදි මෙම කාන්තාවගේ මරණය සියදිවි නසාගැනීමක් බවට සැක කෙරේ. 

ඔවුන්ගේ විවාහය සිදුව ඇත්තේ 2025 වසරේ ජනවාරි මාසයේදීය. 

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වෙත මෙම මරණය පිළිබඳව කරුණු වාර්තා කිරීමට බොරැල්ල පොලිසිය කටයුතු කළේය. 

ඒ අනුව, මරණයට හේතුව නිශ්චය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.

මේ අතර, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මෙම මරණය ගෙල වැළලා ගැනීම හේතුවෙන් සිදුවූවක් බවයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය, මියගිය කාන්තාවගේ සැමියා වන මේජර් ජෙනරාල්වරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka