gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ වෙස්ගෙන මුහුණු පොතට ඇතුළු වු නවක නළුවා රූමත් තරුණියන්ට කළ අපරාධය

අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක්
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සනත් අබේසේකර මහතාගේ මුහුණු පොතට අනවසරයෙන් ඇතුළුවී ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකස්කර ඔහු නමින් පෙනී සිට රට පුරා සිටින රූමත් තරුණියන්ට ඇමතුම් ලබාදී චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසා ගෙන්වාගත් ඡායාරූප උපයෝගී කරගෙන සකස් කළ නිරුවත් ඡායාරූප බෙදා හැරීම සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉරිපත් කළ නවක

තරුණ රංගන ශිල්පියකු යැයි කියන සැකකරුවෙකු ලබන විසි එක්වනදා (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගියදා (12) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය (11) මැදවච්චිය රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ ජනිත ප්‍රදීප නමැත්තා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළා.

එම සැකකරු සනත් අබේසේකර මහතාගේ instagram ගිණුමට අනවසරෙන් ඇතුල්වී සනත් අබේසේකර මහතාගේ නම භාවිතා කරමින් දුරකථන අංක දෙකක් භාවිතා කර ෆේස්බුක් ගිණුම් දෙකක් සකස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

සැකකරු සන්තක‍යේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබූ බවද එම ඡායාරූප මුදලට අලෙවි කළේද යන්න ගැන කරුණු නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු තරුණියන්ට දුරකථන ඇමතුම් ලබාදී බිකිණිය පෙනෙන ආකාරයෙන් ලබාගත් ඡායාරූප එවන ලෙසට ඔවුනට උපදෙස් ලබා දී ඇති බවත් ඒවා පසුව නවීන තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකස්කර අලෙවි කර ඇති බවට සැක කරන බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරින් අගතියට පත් පාර්ශව වලින් මේ වන විට පැමිණිලි පනහකට (50) අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන් කළා.

මින් අගතියට පත්ව සිටින්නේ මෙරටේ සිටින ජනප්‍රිය චිත්‍රපටය අධ්‍යක්ෂකවරයකු වන්නේ යැයි සනත් අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුලා කළුපාන මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නා.

සැකකරු හා ඔහු සිදුකර ඇති නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඉදිරි දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුගේ ගිණුමට සැකකරුට නැවත ඇතුල් විය නොහැකිවන ලෙස තාක්ෂණික සහාය ලබාගෙන නීති පියවර ගන්නා ලෙසටද විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka