gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරෙන්තුකාරයො, පච්චා කොටාගත්තු රස්තියාදුකාරයො, අපරාධකාරයො ශාසනයට ඇතුළු වෙලා… නොපමාව වැට බැඳිය යුතු බව මල්වතු මහා නාහිමියෝ කියති!

විවිධ අපරාධ වලට  සම්බන්ධ ශරීරයේ පච්ච පවා කොටාගත් පුද්ගලයින් අද ශාසනයට ඇතුළත්ව සිටින බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. මේ අතර වරෙන්තු කරුවන් පවා සිටින බවද උන්වහන්සේ පවසති.
තෛනිකායික භික්ෂු වහන්සේලාගෙන් සමන්විත ශාසන විමර්ශන මහා සභාව ඊයේ (11)  මහනුවරට පැමිණ බුදු දහමේ පැවැත්මට උද්ගතව පවතින ගැටලු හා ශාසන විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානායක හිමිවරු දෙනම දැනුවත් කිරීමේ සන්දේශය පිළිගැන්වූ අවස්ථාවේ මහානා හිමියෝ මේ බව පැවසූහ.

මෙහිදී තවදුරටත් අදහස් පල කළ මල්වතු මහා නා හිමියෝ මෙසේද කීහ.

“මේ වන විට ශාසනයට ඇතුළත්ව ආගමික සිද්ධස්ථානවලට සම්බන්ධව මෙන්ම වනගතව මෙවැනි පුද්ගලයින් සිටීම හේතුවෙන් බුද්ධ ශාසනයේ මෙන්ම භික්ෂු ශාසනයේ බරපතළ ව්‍යාකූල  තත්ත්වයන් උද්ගතව පවතිනවා.”

“නුසුදුසු පුද්ගලයින් සසුන් ගතවීමෙන් බුදුදහම විනාශ වෙනවා. පිරිහෙනවා .මේ ගැටලු සම්බන්ධයෙන් සංඝ කතිකාවක් ගෙන එන්න මා බොහෝ කාලයක සිට උත්සහ කළා. කතිකාවත සම්මත වුණා .  ඉදිරියට ගෙන යාම සඳහා මේ සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරු නිලධාරීන් කොතෙක් දැනුවත් කළත් කිසිම රජයකින් ඒ සඳහා සහායක් ලැබුනේ නෑ. ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා මේ සංඝ කතිකාවට විරුද්ධ වුණා. අද මේ රටේ බුද්ධ ශාසනය පිරිහෙමින් පවතිනවා. මේ විදියට ගියොත් පෙර සමයේ මෙරට සිටි ගණින්නාන්සේලාගේ තත්වයට භික්ෂූන් වහන්සේ පත්වන එක නවත්වන්න බෑ.”

“දැනටමත් ඒ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. වරෙන්තුකාරයෝ, ශරීරයේ පච්ච කොටා ගත් පුද්ගලයෝ, විවිධ නීති විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වූ පුද්ගලයෝ දැන් ශාසනයට ඇතුළත් වෙලා වනගත වෙලා ඉන්නවා. භාවනා කරනවාලු. නුසුදුසු පුද්ගලයෝ චීවරයට මුවා වෙලා ඉන්නවා. මම අවුරුදු 60 දි මේ තනතුරට පත්වුණේ. දැන් අවුරුදු 81 ක් වෙනවා. බුද්ධ ශාසනයේ පිරිහීම සම්බන්ධයෙන් විවිධ කතිකාවත් ගොඩනගන්න උත්සාහ කළා. ඒවා අතරමඟදී නවතිනවා. ”

“භික්ෂූන් වහන්සේ උදෙසා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා මා නොයෙක් වර පැවති රජයන්ගෙන් බුද්ධ ශාසන අමාත්යාංශයෙන් ඉල්ලීම් කළා. ඒකේ වැඩ පටන් ගත්තත් මගදී නවතා දැම්මා. ඕක තමා තතත්ත්වය. කිසිම රජයකින් මේ සඳහා සහයෝගයක් ලබා දුන්නේ නෑ. රටේ ජාතික ගැටලුවක් උද්ගත වූ සෑම අවස්ථාවකම අපි ත්‍රෛනිකායික මහා නා හිමිවරු ඒ වෙනුවෙන් පෙනී සිටියා. නිවේදන නිකුත් කළා. මේ අවස්ථාවෙත් අපි සියලු දෙනා එක්ව කටයුතු කරනවා. ඒකයි සිදුවිය යුත්තේ.  සම්බුද්ධ ශාසනය විනාශ වීමට ඉඩ දෙන්න බෑ. කඩිනම් පිළියම් යෙදිය යුතුයි.”

මෙම අවස්ථාවට ශාසන විමර්ශන මහා සභාවේ ලේකම් පූජ්‍ය  රොටුඹ අමිල, පූජ්‍ය  බෙන්ගමුවේ නාලක, පූජ්‍ය  තල්පිටියේ චන්දරතන, පූජ්‍ය  අඟුලු මුල්ලේ ජිනානන්ද, පූජ්‍ය  තෙරිපැහ මේධංකර, පූජ්‍ය  නාමල් තලාවේ දමිතරතන, පූජ්‍ය  තලගල සුමනරතන, පූජ්‍ය  අතපත්තුකන්දේ ආනන්ද, පූජ්‍ය  තල්විටිගේ චන්දරතන, පූජ්‍ය  වටිනාපහ පේමරතන යන හිමිවරු සහභාගි වූහ.
-අසේල කුරුළුවංශ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka