පුවත්පත් සමාගමට රුපියල් තිස්‌කෝටියක දඩයක් !
මේ දිනවල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ප්‍රධාන පෙලේ පුවත්පත් සමාගමට කොළඹ දිසා අධිකරණය මගින්රු පියල් තිස් කෝටියක (රුපියල් මිලියන 300කට) දඩයක් නියම කර ඇත.
ඊට හේතුව එම සමාගම මගින් ප්‍රකාශයට පත් කරන එක්තරා පුවත්පතක් මගින් කොළඹ රාජකීය විද්‍යාලයේ රගර් පුහුණුකරු වන දුෂ්‍යන්ත ලෙව්කේ මහතාට අදාළ වන අපහාසාත්මක පුවතක් පළ කිරීම සම්බන්ධව පැවති නඩුවක අවසන් තීන්දුව ප්‍රකාරවය.
කොළඹ දිසාඅධිකරණයේ පවතින මෙයට අදාල අංක 1204 /2024 දරන නඩුව විභාගයට ගත් අවස්ථාවේ වග උත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ නීති තර්ක සියල්ල ප්‍රතික්ෂේප කල දිසාවිනිසුරු වරයා විජය පුවත්පත් සමාගමට අදාල දඩය ගෙවන ලෙස නියෝග කළේය.
මෙම නඩුව නැවත කැඳවීම 2026 /1 / 27.දිනට නියම කර තිබේ.
ලඟදීම තවත් බරපතළ නඩුවක්....
සමාගම නඩුව පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව ඊට නිසි නීතිඥ නියෝජනයක් ලබාදීමට සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (C.O.O.) අසමත් වීම නිසා බව සමාගමේ සේවකයෝ පවසති. මෙම නඩුවටට අමතරව මෙම සමාගම මගින් ප්‍රකාශයට පත්කෙරෙන තවත් ප්‍රධාන පෙලේ පුවත්පතකට සහ එහි ප්‍රධානීන්ට විරුද්ධව ලඟදීම තවත් බරපතළ නඩුවක්ද ගොනු කිරීමට අදාළ කටයුතු අලුත්කඩේ සිදුවෙමින් පවතින බවද වාර්තාවේ.
-newstube
පුවත්පත් සමාගමට රුපියල් තිස්‌කෝටියක දඩයක් !
2025-11-26T12:30:00+05:30
Lanka Hot News






