මෙහෙනින් වහන්සේ නමකට තිත්ත කතාවෙන් බැන තර්ජනය කරන මැරයින් දෙදෙනා අත් අඩංගුවට… (Video)
ඊයේ (02) රාත්‍රියේ කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසල දී මෙහෙණින් වහන්සේ නමකට කුණුහරපයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
ආරාමයේ පූණ්‍ය උත්සවයක් වෙනුවෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම පිළිබඳ මෙම පුද්ගලයින් දෙදෙනා මෙහෙනින් වහන්සේ වෙත කුණුහරපයෙන් බණිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මේ පිළිබඳ දැඩි අවධානයක් යොමුවී තිබිණි.
ඔවුන් පවසන්නේ හැකි නම් පොලිසියට ගොස් පැමිණිලි කර පුලුවන් දෙයක් කරන ලෙසත් පොලිසියේ සිටින්නේ තමන්ගේ හිතවතුන් බවත්ය.
අතිශය පහත් හැසිරීමක් ප්‍රකට කරනන මෙම පුද්ගලයින් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ දැක්වෙන්නේ එම වීඩියෝව ය.
මෙහෙනින් වහන්සේ නමකට තිත්ත කතාවෙන් බැන තර්ජනය කරන මැරයින් දෙදෙනා අත් අඩංගුවට… (Video)
2025-11-03T12:08:00+05:30
Gossip Lanka Hot News






