gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එප්පාවල හෙරොයින් සිද්ධිය: සැකකාර විදුහල්පතිවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි මිලිග්‍රෑම් 400ක් බවට සැක ද්‍රව්‍ය සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත දින හතක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු විදුහල්පතිවරයා සහ හෙරොයින් ග්‍රෑම් 69ක් සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරචිචි නොවැම්බර් 12 වන දා නියෝග කළා ය.

සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ අතර සිය සැමියා හොරොයින් සමග අත්අඩංගුවට පත්වීමත් සමග ඇය සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් වූවා ය.

දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසිය වෙත දෙන්නැයි නියෝග
සැකකරුවන් සන්තකයේ තිබියදී පොලිසිය භාරයට ගෙන ඇති හෙරොයින් බවට සැක කෙරෙන ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කර සිටියා ය.

මෙම සිද්ධිය සම්බ්නධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කෙරිණ.

සැකකරුවන්ගේ නමින් ඇති දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය සියලු දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට නියෝග කළා ය.

මෙසේ නියෝග කළේ, මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් දින හතක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නොවැම්බර් 12 යළි තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

තඹුත්තේගම අධ්‍යපන කලාපයේ එප්පාවල, කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල ඇඳගල නල්ලමුදාව පාර පදිංචි තරිඳු ධනංජය වික්‍රමසිංහ යන සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ, පළමු සැකකාර විදුහල්පතිවරයා කලක සිට හෙරොයින් අලෙවි කරගනෙ ගොස් ඇති බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව ය.

ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු අනාවරණ කර ගැනීම සඳහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන කරගෙන යන බව ද පොලිසිය සඳහන් කළේ ය.

මෙම විමර්ශන සඳහා සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය බව ද කියා සිටි පොලිසිය, සැකකරුවන්ගේ නමින් ඇති දුරකතන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබා දෙන ලෙස සියලු දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේ ය.

සැකකාර විදුහල්පතිවරයා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ රාජකාරි වැඩ තහනම් කෙරිණ.
-බීබීසී සිංහල
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka