ආරච්චිකට්ටුවේ අවුරුදු විසිඑකේ සජබ මන්ත්‍රීවරියට මාලිමා සභාපතිගෙන් කුණු බැනුම් - "මුන්ගේ මූසළ මූණවල් බලන්න බෑ කීවා..එතන කට්ටිය හිනා වුණා. මම ආයේ කොහොමද සභාවට යන්නේ " (Video)
ජාතික ජනබල වේගය බලය හොබවන ආරච්චකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට නින්දා සහගත දෙස බැන වැදුනේ යයි සමගි ජන බලවේගයේ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක විසින් පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
‘බූරුවා මෙතනින් යනවා’ යයි තමන්ට සභාපතිවරයා බැන වැදුනේ යැයි ඇය එම පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.
'මම කාන්තා නියෝජිතවරයක් විදියට සභාපතිතුමා කතා කළ විදිය හරිම වැරදියි. උඹලගෙ මූසල මූණවල් බලන්න කැමති නෑ. මෝඩ හරක් කියලා බැන්නා. උඹලට එකම ලයිට් එකක්වත් කිසිම ප්‍රතිපාදනයක්වත් දෙන්නෑ. කියලා බැන්නා. අවුරුදු තුනක් ඉඳපල්ල ඔහොම ඉඳගෙන කියලා කිව්වා'
ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් සභාපතිවරයා ගේ නිල කාමරයට ගිය අවස්ථාවේ අයවැයට විරුද්ධව ඡන්දය දීම පිළිබඳව තමන්ට බැන වැදුණු බවද ඇය සදහන් කර ඇත.
කෙසේ වෙතත් සභාපතිවරයා කියා සිටින්නේ තමන් තදින් කතා කළා මිසා අපභාසයක් ලෙස කතා නොකළ බවය.
arachchikattuwa pradeshiya sabha news today
ආරච්චිකට්ටුවේ අවුරුදු විසිඑකේ සජබ මන්ත්‍රීවරියට මාලිමා සභාපතිගෙන් කුණු බැනුම් - "මුන්ගේ මූසළ මූණවල් බලන්න බෑ කීවා..එතන කට්ටිය හිනා වුණා. මම ආයේ කොහොමද සභාවට යන්නේ " (Video)
2025-11-13T01:03:00+05:30
Gossip Lanka Hot News





