මාලිමා මන්ත‍්‍රීගේ විදුහල්පති සැමියා හා පුත‍්‍රයා කෝටි දෙකක හෙරොයින් සමග අත්අඩංගුවට...
අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදුහල්පතිවරයෙකු සහ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ. එප්පාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, සැකකරුවන් විසින් හෝටලයක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 22 වන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 54 හැවිරිදි සැකකරු විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන බවට තොරතුරු ලැබී ඇත.
හිරු නිවුස් වාර්තා කරන්නේ මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජන බලවේගයේ පලාත් පාලන මන්ත්‍රීවරියක් බවය.
-lankacnews
මාලිමා මන්ත‍්‍රීගේ විදුහල්පති සැමියා හා පුත‍්‍රයා කෝටි දෙකක හෙරොයින් සමග අත්අඩංගුවට...
2025-11-05T18:59:00+05:30
Gossip Lanka Hot News





