gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට සිට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක්

දිට්වා සුළිකුණාටුව ඊයේ (නොවැ. 28) ප.ව. 11:30 වන විට ත්‍රිකුණාමලය සිට 70 kmක් වයඹ දෙසින් , අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (නොවැ. 30) වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පැවසිය.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි ය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තද වැසි සහ තද සුළං මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka