gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තමන්ගේ අමාත්‍යංශයේ කොන්ත‍්‍රාත් තමන්ගේම සමාගමට.. මන්ත‍්‍රීකම අහෝසි කරන්න තරම් වරදක් එරංග කරලා? (Video)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ඩිජිටල් නියෝජ්‍ය ඇමති ගරු එරංග වීරරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනා මාලාවක් එල්ල කරන ලදී. 
මෙම චෝදනා "කන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරස්ට්" (ලබැදියාවන් අතර ගැටුමක්) තත්ත්වයක් ලෙස මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමතිවරයා වන ගරු එරංග වීරරත්න මහතා සභාපතිත්වය දරන Omobio (Pvt) Ltd සහ Eimsky Business Solutions (Pvt) Ltd සමාගම් දෙක රජයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තු දිනාගෙන ඇති බව මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර වසර හතරකට හෝ පහකට පමණ කලින් ඇමතිවරයාට සොෆ්ට්වෙයාර් හොරකමක් පිළිබඳ චෝදනාවක් තිබූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයත්, අයිති සමාගමකුත් (මේ දෙකම එකම පුද්ගලයෙක් යටතේ තිබීම) මේ ආණ්ඩුව විසින් පෙන්වීමට උත්සාහ කරන ව්‍යාජ දූෂණ විරෝධයට ලකුණක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එම්ස්කි සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා ස්මාට් හයි ටොල් සිස්ටම් එකට ප්‍රධාන සැපයුම්කරුවා වී ඇති අතර, මෙම සමාගමේ 'පේමන්ට් කනෙක්ට්' සේවාව ජාතික ව්‍යාපෘති සඳහා පසුබිම් තාක්ෂණික සේවා සපයන බව තහවුරු වී ඇත.

මෙයින් අදහස් කරන්නේ, මුළු දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා පිටත වටරවුම් මාර්ගයේ ආදායම් කළමනාකරණය සඳහා අවශ්‍ය පසුබිම් පද්ධතිය (බැක්එන්ඩ් සිස්ටම් එක) පාලනය කරන්නේ අමාත්‍යවරයාට අයිති සමාගමක් බවයි.

ප්‍රධාන ආර්ථික යටිතල පහසුකමක මුදල් එකතු කිරීමේ පද්ධතියේ පාලනය අමාත්‍යවරයාගේ පෞද්ගලික සමාගමට පැවරීම සාධාරණ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

තවද, අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය විසින්ම අමාත්‍යවරයාගේ සමාගම ක්‍රියාත්මක වන වෙළෙඳපොළේ මිල හා කොන්දේසි නියාමනය කරන බවත්, මෙය මන්ත්‍රී ධුරය අහෝසි වීමට තරම් හේතුවක් විය හැකි බවත් පෙන්වා දෙන ලදී.

මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා අවසාන වශයෙන් ඉල්ලා සිටියේ, එම්ස්කි සහ ඔමෝබියෝ යන සමාගම් වල සියලුම රාජ්‍ය කොන්ත්‍රාත්තු පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා හෝ විගණකාධිපති පරීක්ෂණයක් මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. 

කෙසේ වෙතත්, දූෂණයට එරෙහිව පැමිණි ආණ්ඩුව විසින් විගණකාධිපතිවරයා තවමත් පත් කර නැති බවද ඔහු එහිදී සිහිපත් කළේය.

මෙම තත්ත්වය, අධිවේගී මාර්ග ගාස්තු, ජාතික බස් ගාස්තු ඇතුළු රටේ පුරවැසියන්ගේ මුදල් කළමනාකරණය කරන පද්ධතිවල පාලනය රජයේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙකුගේ සමාගමකට හිමිවීම තුළ, රජයේ විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව නැවත සිතන්නට බල කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka