gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

15 හැවිරිදි පාසල් සිසුවියකගේ අසැබි රූප සමාජ මාධ්‍යයේ දාලා

15 හැවිරිදි පාසල් සිසුවියකගේ හා ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ අසභ්‍ය ඡායාරූප සකසා එම සිසුවියගේම සහෝදරයාගේ නමින් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සංසරණය කළ බව කියන 20 හැවිරිදි තරුණියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අදාළව එම කොට්ඨාසයේ මහනුවර ඒකකයේ නිලධාරින් විසින් කළ විමර්ශනයකින් පසුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පන්විල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය වෙළෙඳ සහායිකාවක ලෙස ව්‍යාපාරික ආයතනයක සේවය කරන්නියක බව පොලිසිය සඳහන් කළේය.

මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි තමන් සමග ඉගෙනුම ලැබූ 20 හැවිරිදි තරුණයකුට වෙනත් රූමත් තරුණියක විලසින් මෙම සැකකාරිය වට්ස්ඇප් මගින් පණිවුඩ යවා ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ගොඩ නැගී ඇති බවත් පැවැසේ. එහෙත් තමා සමග සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ රූමත් තරුණියක නොව තමන් හා ඉගෙනුම ලැබූ රූමත් බවින් අඩු තරුණියක බව දැනගැනීමෙන් පසු අදාළ තරුණයා මෙම සම්බන්ධය නතර කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට පළිගැනීමක් ලෙස සැකකාර තරුණිය විසින් එම තරුණයාගේ නමින් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර තිබේ. තවද එම තරුණයාගේ 15 හැවිරිදි නැගණිය, දෙමාපියන් ඇතුළු සමීතමයන්ගේ ඡායාරූප විකෘති කර අසභ්‍ය ඡායාරූප සකසා ඒවා එම ව්‍යාජ ගිණුම ඔස්සේ පළකර තිබෙන බවද එම ඡායාරූප තරුණයාගේ නමින්ම වට්ස්ඇප් ඇතුළු වෙනත් සමාජ මාධ්‍යයන් වෙත මුදාහැර තිබෙන බවද හෙළිවී තිබේ. මීට අමතරව මෙම සැකකාරිය විසින් මෙම තරුණයා ඉගෙනුම ලැබූ මහනුවර පාසලක ගුරුවරියකගේ ඡායාරූප ද විකෘති කර අසභ්‍ය ලෙස නිර්මාණය කර අදාළ තරුණයාගේ නමින්ම වට්ස්ඇප් සමූහකට එක්කර තිබෙන බවත් එම ගුරුවරියගේ වට්ස්ඇප් අංකයකට පුරුෂ ලිංගයක ඡායාරූපයක් ද යවා ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් මෙම අපරාධ සඳහා යොදාගත් ජංගම දුරකතන දෙක සහ සිම්පත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්නගේ උපදෙස් මත එම කොට්ඨාසයේ මහනුවර ඒකකයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක චතුරි දිසානායක ඇතුළු නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
-aruna
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka