රාජ්‍ය පරිපාලන ඇමති වැරදියි... පොලිස් ඇමති හරි..- නි. ඇමති වටගල
පොලිස් වාර්තා ලබා ගැනීමේදී අදාළ පුද්ගලයා ජීවත් වන වසමට අයත් ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බවට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රකාශය අතපසුවීමකින් සිදු වූ දෙයක් බවයි.
අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කරන ලද්දෙන් නිවැරදි ප්‍රකාශය බවද ඔහු පැවසීය.
එනිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා දුන් පිළිතුරු නොව විෂය භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා දුන් පිළිතුර භාරගන්න ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
රාජ්‍ය පරිපාලන ඇමති වැරදියි... පොලිස් ඇමති හරි..- නි. ඇමති වටගල
2025-11-21T07:04:00+05:30
Gossip Lanka Hot News





