කන්ටේනර පන්නන්න ඇමති දුන් ඇමතුමක් සමාජ ජාලා හොල්ලයි..
නීති විරෝධී ලෙස වරායේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කිරීමකට අමාත්‍යවරයකු මැදිහත් වෙමින් දුරකථන ඇමතුම් ලබාදෙන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් මෙම හඬ පටය තම සමාජ ජාල නාලිකාවේද විකාශය කර තිබේ.
බලපත‍්‍ර නැතිව ගෙන්වන ලද මෙම භාණ්ඩ රේගු ගාස්තු පවා නොගෙවා මුදා හැරීමට අදාල හඬ පටයෙන් දැනුම් දෙන ආකාරය ඇසිය හැකිය.
එම හඬ පටය අමාත්‍යවරයකුගේ නම් ඔහු ඉවත් කරන්නට ජනාධිපතිවරයා එකඟ විය යුතු බවද හෙතෙම තවදුරටත් සිය නාලිකාවේ කියා සිටී.
කන්ටේනර පන්නන්න ඇමති දුන් ඇමතුමක් සමාජ ජාලා හොල්ලයි..
2025-11-26T07:29:00+05:30
Lanka Hot News






