වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල නවතම තොරතුරු පොලිස් ක්‍රියාකාරිත්වයේ ප්‍රගතියක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අද දිනයේ පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නේය.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්, “පොලිස් විමර්ශන කටයුතු ඇරඹී තිබෙ.
එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාව තවත් පැය කීපයකින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට භාර දෙනු ඇති” බවද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.