gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“විජේරාමේ ගෙදරට ලිෆ්ට් එකක් සවිකළේ මහින්දට පඩි නගින්න බැරි නිසා – අවුරුදු තුනකට කෝටි 51ක් වැයකර නිලනිවස අලුත්වැඩියා කළ හැටි සාගර පැහැදිලි කරයි (VIDEO)

රට දැඩි ආර්ථික අර්බුධයකට ඇදවැටෙමින් තිබූ 2021 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන්කර තිබූ කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි නිල නිවස අලුත්වැඩියා කර ඒ සඳහා සෝපානයක් ද සවිකළේ හිටපු ජනාධිපතිවරයා එම කාලයේදී පසුවූ සෞඛ්‍ය තත්වය හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මෙම අදහස් පළකළේ දෙරණ රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වූ 360° වැඩසටහනට එක්වෙමිනි.

2021 සිට 2023 දක්වා වූ වසර 03 ක කාලය තුළ විජේරාම මාවතේ පිහිටි නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා ජනතාවගේ බදු මුදලින් රුපියල් පනස් එක් කෝටි අනූදහස් දෙසිය තිස්අටක් වැයකර ඇති බවත්, ජනතාව ජීවන අරගලයක සිටි සමයේ සිදුකළ මෙවැනි වියදම්වලින් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ පාලන සමයේ පැවැති නාස්තිකාර සංස්කෘතිය නොවේදැයි සාගර කාරියවසම්ගෙන් ප්‍රශ්න කෙරිණි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාව කටයුතු කළ 2021 වසරේදී රට අපායකට තල්ලුවෙමින් පැවති බවත්, ජනතාව තෙල් පෝලිම්වල මියයමින් සිටි බවත්, ඔහු එවක අරලියගහ මන්දිරයේ රැඳී සිටින පසුබිමක් තුළ කෝටි ගණනින් වියදම් කර තවත් නිවසක් අලුත්වැඩියා කිරීම සහ විශේෂයෙන්ම ජනතාව විදුලිය නොමැතිව පැය ගණන් ගතකරන විට රුපියල් එක් කෝටි හතලිස් තුන්ලක්ෂයක් වියදම් කර විදුලි සෝපානයක් සවි කිරීම ප්‍රමුඛතාවය දැයි විමසීමක් ද සිදුකෙරිණි.

ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් පැවසුවේ තමන් එම සිදුවීම් මේ පිළිබඳ ප්‍රශ්නයේදී මතුකරන තරම් විවේචනාත්මකව නොදකින බවයි.

එම කාලවකවානුවේදී මහින් රාජපක්ෂ පඩි නැගීමට නොහැකි අපහසුතාවකින් පෙළුනු බවත්, එම අපහසුතාව මත අවශ්‍යතාව සපුරාගත් බවත් ඔහු පැහැදිළි කළේය.

එමෙන්ම මෙම විදුලි සෝපානයක් සවිකිරීම ඇතුළු අලුත්වැඩියා කටයුතු මහින්ද රාජපක්ෂ නිවාස අලුත්වැඩියාකරුවන් රැගෙන විත් සිදුකරන ලද්දක් නොවන බවත්, ඒවා රජයේ මැදිහත්වීමෙන් සිදුකළ ඒවා බවත්, එම කාලවකවානුව තුළ රට තුළ පැවැති තත්වය මත ආරක්ෂක අංශ මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් උපදෙස් මොනවාද යන්න මත ඒවා කිසිවෙකු නොදන්නා බවත්, සාගර කාරියවසම් පැවසුවේය.

එමෙන්ම වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් ඔහු පැවසුවේ, මෙම සිදුවීම පිළිබඳ මතුපිටින් බලා ප්‍රශ්න යොමුනොකළ යුතු බවයි.

එමෙන්ම ඔහු එහිදී වැඩසටහන මෙහෙයවූ නිවේදකයාට පැවසුවේ, මෙවැනි ගැටළුවක් යොමුකරන බව තමන්ට පූර්ව දැනුම්දීමක් සිදු කර තිබුණේ නම් එවැනි වියදම් සිදු කර ඇත්තේ කුමන තත්වයන් යටතේද හෝ එවැනි වියදම් සිදු කළේ ඇයිදැයි තමන්ට කරුණු වශයෙන් පැහැදිළි කර දීමට හැකියාව තිබූ බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka