උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමතිය ලබාදී තිබේ.
එම ලේකම්වරු අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න හෙවත් රවී සෙනෙවිරත්න මහතාද සිටී.
පසුගියදා රවී සෙනවිරත්න මහතා එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු හදුනාගෙන ඇති බව ප්‍රකාශ කර බවට පුවතක් යම් ආන්දෝලනයට හේතු වූ අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේද කතා බහට ලක්විය.
එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආලෝකබණ්ඩාර සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී.කේ.කේ.කේ. ජිනදාස යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.
ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.