gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිතූ හිතූ ගණන් වලට බෙහෙත් විකුණන්න බැරි කළ මිල සූත්‍රයට ලෝහිතලා බාල්දියක් පෙරලයි!

අලුතින් ගැසට් කරන ලද මිල සූත්‍රය හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය එම නව මිල සූත්‍රය අත්හිටුවන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළකර ඇති බවද පැවසේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල සත්‍ය පිරිවැය ව්‍යුහය පිළිබිඹු කරන පරිදි මුල් ඖෂධයේ යොමු මිල සහ USFDA අනුමත නිෂ්පාදන මත පදනම් වූ වෙනස් කළ මිල නියම කිරීමේ රාමුවක් අනුගමනය කරන ලෙසත් රජයේ උපාය මාර්ගයට අනුකූලව දේශීය නිෂ්පාදකයන් විසින් කරන ලද ආයෝජන ආරක්ෂා කරන ඖෂධ ස්වයංපෝෂිතභාවය සහතික කරන ජාතික ප්‍රතිපත්තියක් ආයතනගත කරන ලෙසත් අදාළ ලිපිය මගින් ඉල්ලා තිබේ.

නව ගැසට් කරන ලද මිල සූත්‍රය ඉන්දියානු සහ දකුණු ආසියානු වෙළෙඳපොළ මිනුම් සලකුණු වලින් ව්‍යුත්පන්න කර ඇති අතර එය නැවත මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ සිටින දේශීය නිෂ්පාදකයන් සඳහා යෙදවීමට සම්පූර්ණයෙන්ම නුසුදුසු බවද ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය සඳහන් කරයි.

විදේශ සංචිත ක්ෂයවීමේ තර්ජනය…

අදාළ ලිපිය මගින් ආනයන මත වැඩි යැපීම සහ විදේශ සංචිත ක්ෂයවීම මගින් ආර්ථික ස්ථාවරත්වයට හානි වනු ඇති බවට බලපෑම් කර ඇති බව පැවසේ.

තවද නව සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක ලෙස එම මණ්ඩලය පෙන්වා දෙන්නේ රජයේ සහතික මත කරන ලද ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ විනාශ කිරීම, දේශීය නිෂ්පාදකයන් ව්‍යාපාරයෙන් ඉවත් කිරීම මගින් ඖෂධ සුරක්ෂිතතාවට තර්ජනයක් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම 2025 අගෝස්තු 6 වැනිදා පැවැති මිල නියම කිරීමේ කමිටු රැස්වීමේදී පවා මෙම සූත්‍රය දේශීය නිෂ්පාදකයන්ට නුසුදුසු විය හැකි බව පිළිගන්නා ලද බවත් මෙම තත්ත්වය නිවැරැදි නොකළහොත් රජය සමග හවුල්කාරීත්වයෙන් ගොඩනගන ලද පහසුකම් කඩා වැටීමකට ලක්වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් එය ඖෂධ ක්ෂේත්‍රයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ පුළුල් නිෂ්පාදන අංශය පුරාම ආයෝජක විශ්වාසය දුර්වල කරනු ඇතැයි ද එම මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වෙතද යොමු කර ඇත.

සූත්‍රයෙන් පසු ඖෂධ විවිධ මිල ගණන්වලට විකුණන්න කාටවත් බෑ – වෛද්‍ය හංසක විජේමුණි

කෙසේවුවද, ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය

නව මිල සූත්‍රය හඳුන්වාදීමෙන් පසු ඖෂධ විවිධ මිල ගණන්වලට  අලෙවි කිරීමට කිසිවෙකුටත් නොහැකිවන බව  ඔහු සඳහන් කළේය.

රටේ විවිධ ප්‍රදේශවල විවිධ මිල  ගණන්වලට ඖෂධ අලෙවි කිරීම ජනතාවට ලොකු ප්‍රශ්නයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ගැසට් එකේ වාසිය ජනතාවටයි….

අදාළ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කර ඇත්තේ ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමිනි.
මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාලව විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණ බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී ඖෂධ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන්, තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බවද ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා පනවා ඇති නියෝගවල සඳහන් වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka