gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය (ලංකා ස්පා ඇසෝසියේෂන්) විසින් ඊයේ (21 වැනිදා) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් බලපත්‍ර ලාභී ආයුර්වේද සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් බවයි.

තමන් විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හා සුදුසුකම්ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් සිටින බවත් පෙත්සමෙන් සඳහන් කර තිබේ.

2019 වසරින් පසුව මෙවැනි සම්බාහන ආයතන පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් සිය රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මේ හේතුවෙන් පොලිසිය වරින්වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී මැදිහත්වීම් සිදුකිරීම නිසා සිය වෘත්තිය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමෙන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
-aruna

Lanka Spa Association
Lanka Spa Association contact number
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka