LPL ලබන නොවැම්බරයේ ගහන්නේ නෑ... කණ්ඩායම් වලට අනුග්‍රාහක අයිතිකරුවන් නෑ!
මේ වසරේ නොවැම්බර් මස පැවැත්වෙන බවට නිවේදනය කර තිබුණු ලංකා ප්‍රිමියර් ලීගය මේ වසර තුළ පැවැත්විය නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.
එයට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර තරග විකාශ ගැටළුවක් හා කණ්ඩායම් වලට අනුග්‍රාහක අයිතිකරුවන් නොමැති වීමත් බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
යාපනය කණ්ඩායමට යළි අනුග්‍රාහකත්වය දැක්වීමට ස්ටැලියොන් ඉදිරිපත්වී ඇතත් සෙසු කණ්ඩායම් සඳහා හිටපු අනුග්‍රාහකයන් යළි ඉදිරිපත් වීමට මැළිකමක් දක්වා ඇතැයි වාර්තා වේ.
මේ අනුව 2000 වසරේ සිට 2024 දක්වා නොකඩවා පැවැත්වූ මෙම තරගාවලිය 2025 වසරේ නොපැවැත්වෙනු ඇත.
LPL ලබන නොවැම්බරයේ ගහන්නේ නෑ... කණ්ඩායම් වලට අනුග්‍රාහක අයිතිකරුවන් නෑ!
2025-10-02T08:01:00+05:30
Gossip Lanka Hot News






